Monday, November 23, 2009




ශ්‍රී ලංකාවේ සියදිවි නසා ගැනීමේ ගැටලුව



සුන්දර වෙරළ තීරයකින් හා හරිත වන තීරයකින් සමන්විත වන ලොව සුන්දරතම දිවයිනයන්ගෙන් එකක් ලෙස සැලකෙන ශ්‍රී ලංකාව ‍‍‍ෙම් වන විට ඒ සුන්දරත්වය ඉක්මවා යන අසුන්දරත්වයක් ළඟා කර ගෙන ති‍ෙබ්.එයට හේතු වී තිබෙන්නේ වසර 25 ක් තිස්සේ ඇදෙමින් පවතින සිවිල් යුද්ධය යි. ‍‍මේ හේතුවෙන් 8000 කට අධික ජන ගංගාවක් මියගොස්, දවසින් දවස අවතැන් වූවන්ගේ පිරිස දහස් ගණන ද ඉක්මවා තිබේ.යුද්ධය හේතු කොට ගෙන සිදුවන මිනිස් සන්හාරය මෙබඳූ වුවද, ශ්‍රී ලංකාව අදවන විට තමා, තමා විසින්ම තම ජිවිතය නැති කර ගැනීමේ මහා මිනිස් සංහාරයෙන් ලොව පෙරමුණට ම පැමිණ තිබෙන්නේ ය. ඒ අනුව 1940 ස් ගණන් වල මුල්භාගයේ දී සියදිවි නසා ගැනීමේ ප්‍රතිශතය තරමක් අඩු මට්ටමක තිබුණ ද එය ක්‍රම ක්‍රමයෙන් ඉහළ අගයක් ගනු ලැබුවේ ය.


එහිදී 1961 දී ලක්ෂයකට හයදෙනෙකු පමණ මියයාමක් පෙන්නුම් කළ ද එම අගය ලක්ෂයකට දහය දක්වා ඉහළ යනු ලැබුවේය.ඉන් අනතුරුව සියදිවි නසා ගැනිමේ ප්‍රතිශතය 1961-1971 අතර කාළයේ දෙගුණයකින් ද, 1971-1983 අතර කාළයේ දී නැවතත් එම අගය දෙගුණයකින් ද වැඩිවී තිබේ.

කෙසේ නමුත් 1971 වන විට පුද්ගලයන් ලක්ෂයනට 47 දෙනෙකු පමණ සියදිවි නසා ගන්නා ලොව ම ඉහළ මට්ටමේ සියදිවි නසා ගැනීමේ අගය පෙන්නුම් කරමින් ලංකාව ඉදිරියට ම පැමිණියේ ය.එසේ නම් මේ අගයන් තුළින් අපට සන්නිවේදනය වන්නේ කුමක්ද? 1990-1995 අතර කාළයේ දී 38500 ක් පමණ ශ්‍රී ලාංකිකයන් තමන් විසින්ම තම ජීවිත ‍වලින් සමුගෙන ඇති බවක් ය.එය ප්‍රතිශතයක් වශයෙන් එම කාළසීමාවේ දී යුද්ධයෙන් මිය ගිය ශ්‍රී ලාංකිකයන් ගේ ප්‍රමාණයෙන් හරි අඩක් ලෙස සැලකිය හැකි ය.

එසේ නම් මේ අයුරින් දහස් ගණනක් ජනතාව තමන් විසින් ම තම ජීවිතයෙන් සමුගැනීමට හේතු වී තිබෙන කරුණු සොයා බැලීම වටින්නේ
ය.

මේ අනුව ශ්‍රී ලාංකිකයන් සම්පූර්ණ අසතුටකින් ජීවත් වන පිරිසක් ලෙස අපට සීමා නිර්ණය කර ගත නොහැක්කේ ය.ඒ කෙසේ වුවත් මේ ගැටලුවට ප්‍රධානතම හේතුව යුද්ධය ලෙස ද අපට දැකිය නොහැක්කේ ය.එබැවින් මෙය 1950 ස් ගණන් වල හා 1960 ගණන් වල සියසිවි නසා ගැනීමේ ප්‍රතිශතය හා සෘජු සම්බන්ධයක් නොවේ.ඒ කාළය ඇතුළත මෙරට තුළ පෙම් සබධඳතා බිඳ වැටීම් හෝ සෘණාත්මක හැඟීම් සමඟ ගණු දෙනු කිරීමට නොහැකි වීම වැනි, සාධක වුවද මේ ගැටලුවෙහි ගැඹුර අවබෝධ කර ගැනීමට දායක නොවනු ඇත.තවදුරටත් සංකීර්ණව මේ ගැටලුව දෙස අවධානය යොමු කිරීමේ දී මේ තත්වයට හේතුව විස්තර කිරීමට අප රටේ “දළ ජාතික සතුට” හෝ “මානසික නීරෝගීතාවය” ගණනය කර ගනු ලැබෙන දර්ශකයෙන්, ලාංකිකයන් ගේ සතුට හෝ නීරෝගීතාවය නිර්ණය කළ හැකිය.මේ අගයන් සෙවීම සඳහා,
දුප්පත්කම
සෞඛ්‍ය
අධ්‍යාපනය
වැනි මට්ටම් සැලකිල්ලට ගනු ලබන්නේ ය.ඒ කෙසේ වුවත් මේ මට්ටම ලංකාව තුළ සාමාන්‍ය තත්වයක පවතින්නේ ය.එය ඇමරිකාව හා උතුරු දිග යුරෝපීයන්ට ද වඩා අඩු අගයක් පෙන්නුම් කළද, ඉන්දියානුවන් හා අප්‍රිකානුවන්ට වඩා ඉහළ අගයක් පෙන්නුම් කෙරෙන්නේ ය.


මේ කරුණු මෙසේ වුවද සතුට පිළිබඳව මේ ආකාරයට කරුණු ‍සොයා බලා සාධාරණ අගයක් ලබා ගත නොහැකි වේ.ඒ ඔවුන් අපේක්ෂා කරනු ලැබෙන අගයන් සංඛ්‍යාත්මක වශයෙන් විෂ්ලේශණයකට භාජනය කළ නොහැකි නිසා ය.එයට ප්‍රධානත ම හේතුව වී තිබෙන්නේ, මානවයන් ගේ හදවත හා මනස ක්‍රියාකෙරෙනු ලැබෙන අන්දම එකිනෙකට වෙනස් වන හෙයිනි.


නමුත් ඉතා පුළුල්ව, මිනිසුන් තමන් ව දකින්නේ කෙසේදැයි වටහා ගැනීමට මේ ක්‍රමය මහෝපකාරී වන්නේ ය.ඒ අනුව ඔවුන් තම ජීවිත සමඟ තෘප්තිමත් ද, එය ඔවුනගේ රැකියාවන්, සෞඛ්‍ය තත්වයන් හෝ වෙනත් සබදතාවයන් සමඟ බැඳී පවතින්නේ ද යන්න සොයා ගැනීම අපහසු කරුණක් ම වන්නේ ය.මේ කරුණු කෙසේ වුවද සමස්ථයක් ලෙස ශ්‍රී ලාංකිකයන් ගේ මානසික මට්මෙහි නීරෝගී භාවයෙහි අගය පෟතුගීසීන්ට සමාන වන්නේ ය.එහදී ඔවුන් ද තරමක් ඉහළ මට්ටමක සියදවි නසා ගැනීමේ ප්‍රතිශතයක් පෙන්නුම් කරන බව පෙනී යනු ලැබේ.


අප රටේ සියදිවි නසා ගැනීමේ ප්‍රවණතාවය ඉහළ යාමට බලපානු ලැබෙන තවත් කරුණක් ලෙස, කෟෂිකාර්මික ‍‍‍‍ කෙෂත්‍රය තුළ අතිශය විෂ රසායණික පළිබෝධනාශකයන් භාවිතා කිරීම ද දැක්විය හැකිය.නමුත් මෙය දිවිනසා ගැනීමේ මට්ටම ඉතා ඉහළ අගයක් පෙන්නුම් කිරීමට බලපානු ලැබෙන ප්‍රධානතම හේතුවක් ලෙස දැක්විය නෙහැකි වුවද අවසාන වශයෙන් මෙයට බලපානු ලැබෙන්නේ යැයි සලකා බැලිය හැකි කරුණක් වන්නේ ය.

ඒ අනුව 2007 වසරේ දී වසංගත රෝග පිළිබඳව වන ජාත්‍යන්තර සඟරාවට වෛද්‍යවරුන් කණ්ඩාමක් ඉදිරිපත් කළ පත්‍රිකාවට අනුව, සියදිවි නසා ගැනීමේ අගය ඉහළ යාමට සමානුපාතිකව මරාන්තික පළිබෝධ නාශකයන් ඉතා විශාල වශයෙන් ආනයනය කිරීමට කටයුතු යෙදී ඇති බවද පෙන්වා දිය හැකි ය.එහිදී දෙවන ලෝක යුධ සමයේ දී භාවිතා කරණු ලැබූ ස්නායු වායූන්ට සමානව මෙම පළිබෝධනාශකයන් වඩාත් මරාන්තික ය.


පහත ඉදිරිපත් කිරීමට යෙදෙන සාධකයෙන් එය අපට වඩාත් තහවුරු කරගැනීමට හැකි වන්නේ ය.ඒ අනුව සියදිවි නසා ගැනීමේ අගය උපරිම මට්ටමක පවතින සමයෙහි, පළිබෝධ නාශක හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව තුනෙන් දෙකකට සමාන විය.එබැවින් 1995-1998 අතර කාළයේ උග්‍ර විෂ සහිත පළිබෝධනාශකයන් ලංකාවට ආනයනය කිරීම ශ්‍රී ලංකා රජය මඟින් තහනම් කරන ලදි.එහෙත් ඒ හේතුවෙන් ම සියදිවි නසා ගැනීමේ ප්‍රතිශතයන් අඩු වූවා දැයි සැකයක් පවතින්නේ ය.


නමුත් අද දවස වන විට සියදවි නසා ගැනීමේ අගය පුද්ගලයන් ලක්ෂයකට 22 කි.එය ඇමරිකන් එක්සත් ජනපදයෙහි අගට මෙන් දෙගුණයක් වුවද ශ්‍රී ලංකාවේ උපරිම ව තිබූ අගයට සාපේක්ෂව බලන කල්හි මෙම අගය එයින් අඩකි.වසංගත රෝග පිළිබඳව වන පත්‍රිකාව ඉදිරිපත් කළ පර්යේෂකයන් උත්සාහ ගන්නේ දිවිනසා ගැනීම අඩුවීමට සමහර පළිබෝධ නාශකයන් ආනයනය කිරීම තහනම් කිරීම හුදු සාධකයන් අතරින් එකක් ලෙසට විස්තර කිරීම ය.වෙනත් කරුණු මෙයට එක් වුවද ඒවා විස්තර කර හුවා දැක්වීමට මොවුන් අපොහොසත් වූවේ ය.


රුකියාවේ තත්වයත්, මධ්‍යසාර අ‍ලෙවියත්, දික්කසාදය හෝ සිවිල් යුධමය තත්වන් මෙයට බලපානු ලැබෙන සාධකයන් වුවත් එය සෘජුවම පළිබෝධ නාශක භාවිතා කිරීම හා සම්බන්ධ දැයි සොයා ගැනීමට සාක්ෂි නොවූ බව ඔවුන් පෙන්වා දී තිබේ.

ඒ අනුව මේ තත්වය තුළ මාරාන්තික පළිබෝධ නාශක පැවතීම ශ්‍රී ලංකාවේ සියදිවි නමා ගැනීමේ වසන්ගතයට මූලික වූවා නම් පෙර සියදිවි නසා ගැනීමේ ක්‍රමවේදයන් ආසන්න වශයෙන් හෝ සාර්ථක වූව‍ා යැයි කිව වෙහැකි වී ඇත.නමුත් අපට අනුමාන වශයෙන් සිතිය හැක්කේ පළිබෝධ නාශක ආනයනය අඩු කිරීම හා එය තහනම් කිරීමට යෙදීම සියදිවි නසා ගැනීමේ ප්‍රවණතාවය අඩු කරලීමට සමත් වී ඇති බවකි.


මේ කරුණු කෙසේ වුවද තවමත් ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් සියදිවි නසා ගැනීමට උත්සාහ ගන්නා නමුදු මරණ සංඛ්‍යාව අඩු වී තිබේ.එහිදී මේ වසන්ගතයට මූලාශ්‍රයන් හෙළි වී නොමැත්තේ, ශ්‍රී ලංකාව තුළ තවමත් මනෝවිද්‍යාත්මක පර්යේෂකයන් ඇතත් එය නව විෂයක් ඇති කෙෂත්‍රයක් ව පවතින නිසා ය.එබැවින් පසුගිය දශක කිහිපයේ දී ශ්‍රී ලාංකිකයන් සියදිවි නසා ගනු ලැබුවේ කෙසේ ද යන්න විස්තර කරනු විනා, ඒ සඳහා බලපානු ලැබූ මනෝවිද්‍යාත්මක, දාර්ශනික හා හැඟීම්බර පසුබිම විස්තර කරගත නොහැකි වී ඇත්තේ ය.එබැනින් එය තවමත් අභිරහසක් ව පවතින්නේ ය.

හොඳටෝ ම හිත රිඳුනා ......



කවදාවත් ම කාවවත් ම කවුරුන් ම හෝ අයිති කර ගන්න තරමේ ආදරයක් මගේ හිතේ ඇති වෙලා නෑ කිව්වොත්, මමයි මගේ හිතයි ඇරෙන්න වෙන කවුරුන් ම හෝ ඒක පිළිගන්න එකක් නෑ. මේ මුළු ලෝකෙම කියයි ඒක මුසාවක් කියලා. ඒ වුනත් මට තිබුණෙ හරිම පුංචි ම පුංචි ලෝකයක්.මගේ අප්පච්චී අම්මා අයියා ඒ මගේ පුංචි ම පුංචි ලෝකෙ මගෙ ළඟ තනියට මාත් එක්ක ම උන්නා. ඉතින් ගෙවිලා ගිය විසිහතර අවුරුද්දට ම ආදරයක් ගැන මහාම මහා ලෝබකමක් දැනුනේ ඹයාට ම විතරම යි. ඒක හරි පුදුම අහඹු සිදුවීමක් ...........

ඒත් ඒ ආදරේ ඇති වුනේ ඹයාගේ රුවට නම් නෙමේ කියලා දන්නවා. ඔය හිනාවට ද කතාවට ද කියලා මට තාමත් හිතා ගන්න බෑ.ජීවිතේ කවදාවත් ම, ම ’ නෙත් මායිමට නොපැමිණියා වූ ඹයාට මගේ හිතේ දොර කවුළු පියන් ඇරුනේ ඇයි කියන එක අදටත් මට උභතෝකෝටික පැනයක්.අපේ කතා බහ වෙන් වුනේ ගහකොළ ගැන සතා සිවුපාවා ගැන කතා කරන්න වුනත්, හරිම ආදරණීය විදිහට ආදරණීය ම වූ කතාබහකුත් ඒ අතරින් ගලාගෙන ගලාගෙන යමින් තිබුණා. ඔයා කීව ඒ කතා අහන්න සීලයෙන් අගතැම්පත් උපාසිකාවක් වගේ මම පේ වෙලා උන්නා. අතුරු කතා වාරයේ ඔයා මාත් එක්කලා පුංචියට රණ්ඩුවකුත් ඇති කර ගන්තා. ඔයාම ඇවිත් ඔයාම මට ආදරෙයි කියා ඔයාමයි මගෙන් ඈතට ගියේ. ඒ ගොඩාක් කලෙකට ඉස්සර. ඒත් අනේ මට තාමත් ඒ මතකය අද ඊයෙක වාගෙයි දැනෙන්නෙ. ඉර හිනා වෙන හැම දවසක ම මුළු ලෝකෙට ම හොරෙන් මං පාර බලාගෙන ඉන්නවා ඇස් වල කඳුළු පනිනකම් ම.ඒත් ඒ ඔබ එයි කියලා නම් නෙමේ.හරියට සංසාර පුරුද්දකට වාගේ. ඔයා ගොඩක් ඈතයි කියා මගේ හිත කවදාවත් ම පිළිගන්න සූදානම් නැති නිසාදෝ අර ඉස්සරෝ ම ඔයා මගෙත් එක්කලා කීව කතාවල ඉතුරු හරිය අහන්න මං රෑ නිදිමරාගෙන බලා උන්නා. ඒ උණුසුම් සිතුවිල්ල හීනයක් නෙමේ. හීතල ම හීතල වූ හීන පොකුරක් ...........

ඒත් මං අදටත් දන්නෑ ඔයා ඇයි මගෙන් දුරස් වෙලා ඈතින් ඈතට ම ගියේ කියා. ඇයි මං ඔයාට මේ තරම් ම ආදරේ කලේ කියා මට අදටත් කොහොමටමවත් හිතා ගන්නවත් බෑ. මගේ ඇස් දෙක පිය වෙනකම් ම මට ඒක නම් හිතාගන්නවත් බැරිවෙ යි ...............

මුළු ලෝකෙ ම කියන්නෙ අහස හුඟක් දුරයි කියල‍ා. මට හිතෙන්නෙ ඒ අහස මගේ, ඒක මට ගොඩාරියක් ම දුර නෑ කියා .............

මට හිතෙන මේ සිතුවිල්ල කවදාවත් ම ඔයාට දැනෙන්න නම් එපා. ඒ ඔයාගෙ අලුත් ලෝකෙට මං හින්දා පුංචි ම පුංචි දුකක් කරදරයක්වත් වෙන්න තියෙන ඉඩ අඩුම අඩු කරලා දාන්න ඕන නිසා ......

ඔයාට බුඳු සරණයි මගෙ දෙයියෝ ........!